DEDUNU CHAT RULES

දේදුනු චැට් කාමරයට පිවිසෙන ඔබ පහත උපදෙස් පිළිපැදීමට කාරුණික වන්න

  • මෙය  විනෝදය සඳහා  නිර්මාණය කර ඇති බැවින්  ඕනෑම  කෙනෙකුට  චැට් කිරීමට  ඉඩ සලසා ඇත . එබැවින්  විනය ගරුකව, නිහතමානීව   චැට් කිරීමට වග බලා  ගන්න.
  • මෙහි චැට් කිරීමේදී  සිංහල, ඉංගිලිසි, සිංග්ලිෂ්  යන භාෂා  තුනම  බාවිතා කල හැක.
  • චැට් කිරීමේදී  තමන්ගේ පුද්ගලික දේවල්  කථා බහ කිරීමෙන් වලකින්න. එහෙත්  ඔබගේ  අනන්‍ය තාවය  පෙන්නුම් කරන්නේ නම් ඔබ අන් අයගේ  ගෞරවයට  පාත්‍ර වනු ඇත.
  • යම්කිසි  කෙනෙකු  අසාමාන්‍ය  ලෙස හැසිරෙන්නේ නම්  ඔහුව හෝ ඇයව ඕනෑම වෙලාවක   චැට් කාමරයෙන්  ඉවත් කිරීමට  පරිපාලකයින් ( admin ) හට බලය ඇත.
  • අන් අයට  විහිලු තහළු  කිරීමේදී ඔවුන්ගේ  සිත්  නොරිදෙන ලෙස  චැට් කරන්නේ නම්  ඔබ  අන් අයගේ  ප්‍රසාදයට  ලක්වෙනු ඇත.
  • වෙනත් වෙබ් අඩවිවල ලින්ක්  හෝ  වීඩීයෝ  ලින්ක්  දැමීම  සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.
  • පැමිණිල්ලක් කිරීමට අවශ්‍ය නම් පහත දුරකථන අංකය අමතන්න. (0033149279035)